Introduction to board games (මොනවාද මේ Board Games?)

  • by

 

Board games එහෙමත් නැත්නම් පුවරු ක්‍රීඩා උපාය මාර්ගික ක්‍රීඩා කියලා හඳුන්වන්න පුළුවන්. ශ්‍රි ලාංකික අපි අතර ඈත අතීතයේ සිට මේවා පැවත ඇවිත් තියනවා. අපි හැමෝම දන්න චෙස්,දාම්, ලූඩෝ වගේම පසුකාලීනව පැමිණි මොනොපොලි, Dungeons & Dragons සහ තවත් games රාශියක් board games අතරට එකතු වෙනවා. වර්තමානයේදි party games වගේම card games සුත් Board games ලෙස වර්ගීකරණය වී තිබෙනවා.

Board games වලට ඒවාට ආවේණික උපාය මාර්ග ක්‍රම, (i.e stratergies) ලකුණු ලබා ගැනීමේ ක්‍රම (scoring) සහ විශේෂයෙන්ම නීති රීති රාමුවක් (rules) තියනවා. මේ දෙවල් මත පදනම්ව, Board games තවදුරටත්, Deck based, dice rolling, luck based වගේ කුඩා කොටස් වලට වර්ගීකරණය කරනව. මෙවා ගැන අපි ඉස්සරහ video වලදි තව පුලුල්ව කතා කරමු.

සමහර Board games මිල අධිකයි. මේ නිසාම මේවා ශ්‍රි ලාංකාව තුල ප්‍රචලිත වීම තරමක් අඩුයි. කෙසේ වෙතත් අපිට මේ games online play කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා ගොඩක් මිලාධික games උනත් අපිට නොමිලේ play කරන්න පුළුවන්. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක , අපි ඔයාලට පෙන්නනවා මොනවද මේ online platforms සහ කොහොමද මේවා play කරන්නේ කියලා ඉදිරි වීඩියෝ වලින්.

Video: https://www.youtube.com/watch?v=rDeDMmhbCKQ&feature=youtu.be

Leave a Reply

Your email address will not be published. Required fields are marked *